කොළඹ නවම් මාවතේ දී තරුණ ජෝඩුවකගෙන් රුපියල් 4000ක කප්පමක් කෑමට ගිය බව කියන පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් මාසයක් රිමාන්ඩ් භාරයේ සිටීමෙන් පසු කොළඹ කොටුව උසාවියේ දී අද ඇප ලැබීය.
තරුණ ජෝඩුව නොහොඹිනා විදියට හැසුරුණු බව කියා නඩු නොදැමීමට නම් එම මුදල ගෙවන ලෙස ඔහු ඉල්ලා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

