එච්.ආර්. ජොතිපාල 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරිම අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී සිදු කැරිණි.
තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතා විසින් ප්‍රථම මුල්දින කවරය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෙත පිරිනැමීය.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා ජෝතිපාල මහතාගේ පවුලේ නෑදැයින් හා කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.






