(පුෂ්පකුමාර ජයරත්න)
සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය.
මීට පෙර නඩු වාරයේදී පැමිණිල්ලේ සාක්කි විභාගයට ගෙන අවසන් කෙරෙුණු එම සාක්කි ඔප්පු කිරීමට නොහැකි බව තහවුරු වීමෙන් පසුව අද (17) යළි නඩුව කැඳවු අවස්ථාවේදී, පැමිණිල්ලේ සාක්කි පරස්පර විරෝධි බැවින් එහි විශ්වසනීයත්වයක් නැතැයි පවසා නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින් විත්තියේ නීතීඥයන් කළ ඉල්ලීමකට අනුව කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරුවරිය විත්තියේ සාක්කි නොකැඳවාම නඩුව අවසන් කිරීමට නියෝගය නිකුත් කළාය.
ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී අධිකරණයෙන් නියෝග කර තිබිණි.