ජේසීබීය ගේ උඩට : අම්මයි දරුවොයි පූරුවෙ පිනකින් බේරෙති


මාතලේ පල්ලේපොළ, මිල්ලවානේ මානිංගමුවේ පාරක ගමන් කරමින් තිබූ ජේ.සී.බී යන්ත්‍රයක් අඩි 35ක් පමණ පල්ලමේ ගෙයක් මතට පෙරළීමෙන් ගෙය සමතලා වී ඇත.

පල්ලේපොළ ප්‍රාදේශීය සභාවට අයත් මෙම යන්ත්‍රය ගෙය අසල පාරේ ගමන් කරද්දී ගෘහණිය වන ශ්‍රියාණි පුෂ්පලතා දිසානායක මහත්මිය සිය දරු තිදෙනාද සමග එය බැලීමට එළියට ආ නිසා ජීවිත 4ක් බේරුණු බව අසල්වැසියෝ කියති.

ජේ.සී.බී යන්ත්‍රය ගමන් කරද්දී දරුවන් රූපවාහිනී යන්ත්‍රය බලමින් සිටි බවත් ඇය කියන්නීය.

නිවස අහිමිවූ පිරිසට තාවකාලිකව නවාතැන් පහසුකම් සලසන බව ප්‍රාදේශීය සභාව කියයි.

2fdf32201512179653f6ffb809a030 16db8e0a898b720151217c6bfeaef1bdc7de 55ba747e8d6dd7201512117b3bd0a48 553c001756120182015121730a303ea680b901663 c2000f41880201512170f6fd9b9d0ba938 e7b570d5a201512173f3d34943a5aa1f3