ජේලර් හිර ගෙට කුඩු ඇදලා


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට හෙරොයින් සහ ගංජා රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු මේ මස 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය අවසර ලබා දුන්නාය.

කමිසයේ හා සපත්තු අස්සේ සඟවාගෙන හෙරොයින් පැකට් දෙකක් රැගෙන යෑමට තැත් කරද්දී බන්ධනාගාර නිලධරයෝ දෙදෙනක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.