ජේයරාජ් ඝාතන නඩුව ජනවාරියට කල් යයි


හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා   ඝාතනය කිරිමේ  නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු  ඛේමා  ස්වර්ණාධිපති  මහත්මිය හමුවේ අද (22) කැඳැවිණි.

ආරක්ෂක හේතු මත නම හෙළි නොකළ සාක්කිකරුවෙක් අධිකරණයේ දී මෙසේ පැවසීය. ‘පළමු සැකකරු මොරිස් මට කොළඹ දී හමුවුණා. ඔහු සමඟ යතුරුපැදියෙන් මම වැලිවේරියට පැමිණියා. ඝාතනය වු ක්‍රිඩාංගණය ළඟට ඔහු රැගෙන ගියා. එහි දී තවත් තරුණයකු හමුවුණා. ඔහු ක්‍රීඩාංගණය ළඟට ඇරලවන ලෙස මට කිව්වා. නිවසට ඇවිත් රූපවාහිනිය බලන කොට තමයි මං දැනගත්තේ මං බැස්සුවේ බෝම්බකරු කියලා.’

ගම්පහ හිටපු  සහකාර  පොලිස්  අධිකාරි  සෙනරත්  ලක්ෂ්මන් කුරේ  සහ එල්ටීටීඊ සාමාජිකයන් වන සෙල්වරාජා පිරුබාකරන්,සම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ්  විත්තිකරුවන්ට නිතිපති අධි චෝදනා ගොනු කිරිම සඳහා නඩුව ජනවාරි 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.