ජේත්තුකාර ගෝත්‍රික කෙල්ල සබන් සොයා සුපර්මාකට් එයි


නැමීබියාවේ ඔපුවෝ හි දී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් කතක් සුපිරි වෙළඳසලකට පැමිණ බඩු මිලදී ගන්නා ආකාරය දිස්වන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි පුරා ජනප්‍රියවී ඇත.

උඩුකය නිරුවත්ව ඇය විවිධ භාණ්ඩ ට්‍රොලියකට එකතු කරගනිමින් සිටින ආකාරය එම ඡායාරූපවල දිස්වේ. ඇය සබන් කුඩු, සීනි සහ කිරි මිලට ගන්නා ආකාරය එහි දැක්වේ.

හිම්බා ගෝත්‍රික කාන්තාවක් වන ඇය වයස අවුරුදු 20ක පමණ තරුණියක් බව කියති. ඇගේ සාප්පු සවාරිය ඡායාරූපය නගා ඇත්තේ ස්වීඩන ජාතික පරිසර වාර්තාකරණ ඡායාරූප ශිල්පියකු වන බිජන් පියර්සන්ය.

තමා භාණ්ඩ මිලට ගැනීමට වෙළඳසලට පිවිසි අවස්ථාවක ඇය දැකීමෙන් පුදුමයට පත්වූ බව ඔහු පවසයි. 

උතුරු නැමීබියාව සහ යාබද ඇන්ගෝලාවේ කුමීන් ගඟ ආශ්‍රිතව හිම්බා ගෝත්‍රිකයෝ 50,000ක් පමණ ජීවත් වෙති. ඔට්ජි හිම්බා බස කථාකරන මොවුන් නැමීබියාවේ අවසන් එඬේර ගෝත්‍රිකයන් ලෙස සැලකේ. බැටළුවන් හා එළුවන් ඇති කිරීම ඔවුන්ගේ ජීවන මාර්ගයයි. 

ඔවුන්ගේ හිස සහ සිරුර හිරු එළියෙන් රැක ගැනීම සඳහා මඩ තවරාගෙන සිටින අතර ඔවුහු ඇඳුම් එළු හමින් සාදාගෙන සිටිති.

Namibian-woman1 Namibian-woman2

 

 

webNamibian-woman

7044677987_3759970c4c_b nam132712668