ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන්


අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.

සෙන්ටිමීටර 10ක් ගැඹුරට කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.