ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 20 වැනි ගුණානුස්මරණ පිංකම කොළඹ 7 අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
ඒ මහතාගේ පුත් රවී ජයවර්ධන හා මුණුබුරන් වන අම්රික් ජයවර්ධන, රුක්ෂාන් ජයවර්ධන හා ප්‍රදීප් ජයවර්ධන මහත්වරුන් සංඝරත්නය වෙත දන් පිළිගැන්වූහ.