ජේ.ආර් ජන්ම දිනය සැමරේ


මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.

ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 

ශ්‍රී ලංකාවට නොතිබුණු දියුණුවක් අත්පත් කරමින් සියලු ජනකොටස්වලට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අත්පත් කරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය. 
යුද්ධයෙන් පසුබෑමට ලක් වූ මෙරට ආර්ථික වර්ධනය නගා සිටුවමින් ලංකාව ආසියාවේ ප්‍රබල රටක් බවට පත්කිරීමට ජාතික ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බව ද අගමැතිවරයා කීවේය. 
ජේ.ආර් ජයවර්ධන මහතා ආසියාවේත් ලෝකයේත් ආර්ථික වෙනසකට මඟ පෑදූ බව කී අග්‍රාමාත්‍යවරයා ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්ති ආසියාවේ ආර්ථික විප්ලවයට පදනම යෙදූ බව ද පෙන්වා දුන්නේය. 

RDS_8032 RDS_8044 RDS_8106 RDS_8166