හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978 වසරේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ සුඳු සඳුන් රුක කපා දැමීමට පිරිසක් දැරූ උත්සාහයක් අසාරථක වී ඇතැයි පේරාදෙනිය පොලිසිය කියයි.
පසුගිය 22 දෙවැනි දා රාත්‍රී ගස කපා දැමීමට උත්සාහ කර ඇති බවත්, ගස ස්ථාන දෙකකින් කැපීමට උත්සාහ කළ බව පෙනෙන බවත් පොලිසිය සඳහන් කරයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයය මැද ඇති මේ සඳුන් ගසේ වට ප්‍රමාණය අඟල් හතක් පමණ වන බවත්, කැපුම් තුවාල නිසා ගසේ පැවැත්මට බාධාවක් නැති බවත්, අවශ්‍ය ප්‍රතිකාර කරන බවත්, වැඩිදුර පරීක්ෂණ පොලිසියෙන් සිදු කරන බවත් පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් ඒ විජේසුන්දර මහතා කීවේය.
මීට වසර දෙකකට පමණ පෙර ද පේරාදෙනිය උද්භිද උද්‍යානයේ තිබූ සඳුන් ගසක් කපාගෙන ගොස් තිබිණි.
මේ අතර මාදම්පේ ගල්මුරුව හේරත් ගුණරත්න වලව්වේ තිබූ සදු හදුන් ගසක් හොරෙන් කපා කුට්ටි කර වෙනත් නිවසක තබා තිබිය දී සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
ගිරය ටෙලිනාට්‍ය රූගත කැරුණේ මේ වලව්වේ දී ය.
සුදු හඳුන් කිලෝවක් රුපියල් පන් දහසක් පමණ වේ. සොයා ගත් කඳන්වල බල කිලෝ 300ක් පමණ වන්නට ඇතැයි පොලිසිය කියයි.




