ජෙයරාජ් ඝාතන නඩු විභාගය අප්‍රේල් මාසයේ


හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී මරා තවත් 84 දෙනකුට තුවාල කිරීමේ සිද්ධියේ නඩුව ලබන අප්‍රෙල් 25 වැනි දා විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද (23) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ, සෙල්වරාජ් පිළුභාහරන් සහ තම්බයියා ප්‍රකාශ අප්‍රේල් 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

SAM_5177