ජෙනිෆර්ගේ පෙර ජීවිතය ගැන පසුතැවෙනවාලු


2016-10-02-ent-44

බොහෝ කාලයටක පෙර ඔස්කා සම්මානලාභී ජෙනිෆර් ලෝරන්ස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිය බවට ආරංචි විටින්විට පැතිරී ගියා. මේ හේතුවෙන් ඇයට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පවා රැ‍ඳෙමින් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නට සිදුවුණ බවද විදෙස් ගොසිප් වෙබ් අඩවි සඳහන් කරා. යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ඇය, තම දෙමවුපියන්ගේ අවවාද පිළිපදිමින් සිටින බවයි විදෙස් වෙබ් අඩවි වාර්ථා කරන්නේ. ජෙනිෆර් ලෝර්න්ස් මේ වනවිට මුළුමනින්ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් මිදී සිටින බවද සඳහන් වෙයි. මේවනවිට සම්මානලාභී නිළිය කිසිදු සාදයකට හෝ මිතුරු මිතුරියන් ගැවසෙන තැන්වලට යෑමෙන් වැළකී සිටින අතර, කෙටි කෑම වර්ග සහ මස්, මාළු අනුභවයෙන් ද ඈත්ව සිටින බවයි විදෙස් වෙබ් අඩවි වැඩිදුරටත් පවසන්නේ. ඇයගේ ජීවිතයේ බොහෝ දේවල් පිළිබඳව ඇය පසුතැවෙන අතර, මේවනවිට ඇගේ අතින් සිදු වූ සියලු වැරදි සාදාගෙන ඇති බවටද ඇය පවසයි.