ඔස්කාර් සම්මානලාභී නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් මේ වසරේදී තමන්ට කවදාවත් අමතක නොවන සිදුවීම ගැන ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබෙනවා. ඒ අනුව ඇගේ සිහියට එන ආසම මොහොත තමයිලු ඇය සහ ඇගේ යෙහෙළියක වන ඇමී ෂූමර් සමගින් බිලී ජොයෙල්ගේ පියානෝ වාදනයට පිස්සුවෙන් වගේ නටපු මොහොත. ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නැතිලු. ඇය එදා හරිම සරාගි වෙලා හිටිය කියලත් ජෙනිෆර් ලෝරන්ස් ඒ සාකච්ඡාවෙදි කිව්වා. සුමුදුයිලු. සියුමැලියිලු. ඒ නිසා හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවෙන් ඉවත් වූ එම මොහොතේදී තමන් ලැබූ ඒ නිදහස නැවතත් නිරෝගී මනසකට එන්න හේතුවුණා කියලයි ඇය කියන්නෙ. මේ වෙනකොට ජෙනිෆර් ලෝරන්ස් වැඩිම ඉල්ලුමක් සහිත නිළියන් අතර ඉහළින්ම සිටින නිළියක්ද වේ. මේ වෙද්දි ඇය සිනමාවට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මේ නිසා ඇය කියන්නේ තමන් දැන් චිත්‍රපටවල ගිලා බැහැලා ඉඳලා දැන් තමයිලු හරියට හුස්මක් ගන්නේ.


