ජෙනරේටරය පනගන්වද්දී ගින්නකින් මව දරු දෙදෙනා රෝහලට


(ඉන්දිකා රාමනායක)

වැලිමඩ කැප්පෙටිපොළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයේ නිවසක ඇතිවූ ගින්නකින් මවක සහ දරුවන් දෙනකු තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි .

විදුලිය විසන්ධි වීම හේතුවෙන් මොවුන් නිවසේ තිබූ ජෙනරේටරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී එය කිසියම් කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර ඉටිපන්දමක් දල්වා ගෙන ජෙනරේටරය පරීක්ෂා කිරීමේදී එහි තිබූ පෙට්‍රල් වලට ගිනි ඇවිළී මෙම ගින්න සිදුව ඇති බව පොලීසිය පවසයි .

(ඡායාරූප: කේ.ආර්. රාජමන්ත්‍රී)