සැළකිය යුතු මට්ටමකින් නාට්‍යරූපී සහ සෑම මොහොතකම අලුතින් සිතන්නට නිර්මාණ කරනා කෙටි චිත්‍රපටකරුවන් අතර ජුලියන් ආනන්දරාමණන් ඉදිරියෙන් සිටියි. ඔහුගේ හැකියාවන් තාක්ෂණිකව සහ යටිතල පහසුකම් අතින් එතරම් නොදියුනු ඔහුගේ කෙටි චිත්‍රපට තුළ වැඩි වැඩියෙන් බැබලෙයි. ඔහු සාර්ථක වන තවත් තත්ත්වයක් නම් ඔහුගේ සිනමාව එක් භාෂාවකට කොටු නොවීමයි. ඔහුගේ සෑම නිර්මාණයක්ම ඕනෑම භාෂාවක් භාවිතා කරන අයෙකුට රසවිඳිය හැකි දේ වෙයි. ඔහුගේ මාන් සෝරු නිර්මාණයද ඒ ආකාරයේම විශිෂ්ඨ නිර්මාණයකි. මේ ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහසයි. “ෆිල්ම් එකට සිංහලෙන් සෙල්ලම් බත් කියලා කියන්න කියන්න පුළුවන්. මේ කතාව කියන්නෙ 2009න් පස්සෙ යුද්ධෙ නිසා ඇති වෙලා තිබුනු ප්‍රශ්න නිසා මිනිස්සු මුහුණ දෙන තත්ත්වයත් එක්කයි. ඒ ගෑනු කෙනාව ලෝකයම දකින්නේ ගණිකාවක් විදියටයි. එහෙත් ඇයගේ ස්වාමිපුරුෂයා නැහැ. ඇය දරුවාව උස් මහත් කරන්නට කළ හැකි ඕනෑ දෙයක් කරනවා. මෙහි කතාව එයයි.”
රංගනය
- ටී. තිරුතුවානායකයි
- ටී. රෙයියානා
- කේ. දීපන්
- රාමණන්
- ශංකර්
කලා අධ්‍යක්ෂණය
- කේ. කොඩීෂ්වරන්
කැමරා අධ්‍යක්ෂණය
- කේ. ප්‍රබුද්ධ
නිෂ්පාදනය, තිරපිටපත සහ අධ්‍යක්ෂණය
- ජුලියන් ආනන්දරාමණන්
රචින්ත ජයවර්ධන