ජූඩ්ගේ නව ගීතය ප්‍රතිචාර වැඩියි


2016-10-03-ent-106

නව පරපුරේ ජනප්‍රිය ගායක ‘ජූඩ් රෝගන්ස්’ ගායනා කරන ‘අම්මා කියලා බහ තෝරනා ගීතය’ මේ දිනවල බොහෝ දෙනෙක් ප්‍රිය කරන ගීතයක් බවට පත්වෙමින් පවතී. අම්මගේ ආදරය සරලවම අහන්න ලැබෙන ගීතයක් ලෙස බොහෝ දෙනා මෙම ගීතය අගය කරන ප්‍රතිචාර රැසක් මේ වනවිට ලැබෙමින් පවතින බවද කිව හැකිය.

මීට පෙර ඔහු පියා ගැන ගායනා කළ ‘හිමාලෙට වඩා උසයි’ ගීතයටත් වඩා ප්‍රතිචාර රැසක් මෙම ගීතය වෙනුවෙන් ලැබෙන බවද සඳහන් කරයි. මෙම ගීතයේ මියුසික් වීඩියෝව නිකුත් කර පැය 24 ක් ගත වන්නටත් මත්තෙන් වැඩිම භාගත කිරීම් ප්‍රමාණයක් සහ නැරඹුම් ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාදරයට පත්වූ ගීතයක් බවට මෙය පත්වූ අතර, දමිළ ගීතයකට තනුවකට අනුව ගැයෙන මෙම ගීතයේ පද රචනය දිලාන් ගමගේ වෙතින් වන අතර, මෙහි මියුසික් වීඩියෝව Mage Video Production වෙතින් සිදුකර ඇත.

 

2016-10-03-ent-105