අද ලංකාවේ ගීතයේ වචන සඳහා නොව වැඩි අවධානය යොමුකරනු ලබන්නේ මියුසික්වීඩියෝව සඳහාද යන්න ප්‍රශ්නය බොහෝ දෙනාට ඇත. ගීතය තුලින් කියනු ලබන දේද මියුසික් වීඩියෝවට ඇත්තේ යන්න බොහෝ මියුසික් වීඩියෝ නරඹ අයට ඇත. නමුත් මෙම ගායකයාගේ ගීත මෙන්ම එම ගීතයට අදාල වීඩියෝවද රසික ලැබූ සංගීත නිර්මාණයක් කිව හැකිය. ජූඩ් රෝගන්ස්ගේ නවතම නිර්මාණ වූ ගීතයක් පිළිබඳව මෙවර තරුණයා New Release on Youtube ඔස්සේ ගෙන ඒමට අපි තීරණය කරනු ලැබීය.
ජූඩ් රෝගන්ස් යනු සම්මානනීය ගායන ශිල්පියෙකි. වේදිකාව මතින් බිහිවූ මොහු අද බොහෝ දෙනා ආදරය කරනු ලබන ගායකයෙක් බවට පත් වී අවසානය. පිය සෙනෙසහ මෙන්ම මව් සෙනෙහස පිළිබඳ ඔහු විසින් ගායනා කරනු ලැබූ ගීතය රසික සිත් වසඟයට පත් කර ගත්තේය.
ආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්
ආදරය ගීතයක් වුවත් මෙම ගීතය විරහව පමණක් ගැබ් නොවවූ බව මෙය අසනා බොහෝ දෙනාට සිතෙනු ඇත. මෙම ගීතයේ වීඩියෝව බොහෝ විට හුරු ගතියක් දැනෙනු ඇත. ඒ දමිල චිත්‍රපට නරඹන රසිකයන්ට එම වීඩියෝව බැලූ විට එක් සැනින් මෙම වීඩියෝව කුමන චිත්‍රපටයේද යන්න සිතා ගත හැක. ඒ ධනුෂ් විසින් රංගනයේ යෙදෙන "කොඩී" චිත්‍රපටය ආකාරයෙන් නිර්මාණ වූ මියුසික් වීඩියෝවකි. මෙම ගීතයේ වීඩීයෝව සඳහා Youtube ජාලයේ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ඒ සඳහා දොස් නැතුවාමද නොවෙයි. ඒ ඔහු විසින් එම චිත්‍රපටය කොපි කරනු ලැබූ හෙයිනි. කෙසේ වූවත් සම්පූර්ණ චිත්‍රපටයක් තුළින් කියැවෙන දේ මියුසික් වීඩියෝවක් සඳහා ගෙන ඒම ඉතාමත් විශ්ෂඨ ඝණයේ වැඩක් ලෙස ඇතැමුන් අදහස් දක්වයි. කෙසේ වූවත් මේ වනවිට ජනප්‍රියත්වට පත්වෙමින් පවතින ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත.
එළිදැක්වූ දිනය - 2017 ජනවාරි 29
ගායනය - ජූඩ් රෝගන්ස්
පදරචනය - චතුර වර්ණසේකර
සංගීතය - චතුර වර්ණසේකර



