ඉතාලියේ ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා සෙනෙට් සභිකයකු වන ස්තෙෆන් වකාරි ලංකාදීප එසෑණ සමග කෙටි සාකච්ඡාවකට එක්විය.
මෝදනා නගරයේ වසන්ත කිර්තිරත්න මහතාගේ නිවසේ පෑවති රාත්‍රි භොජන සංග්‍රහයකදි රතු කෑකුළු බත් සමග ශ්‍රි ලාංකික ආහාරවෙලක රස බෑලු වකාරි එසෑණ යොමු කළ ප්‍රශ්න කිහිපයකට ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්හ.
ප්‍රශ්නය - කොහොමද මන්ත්‍රිතුමනි ලංකාවේ කෑමවල රස ගුණ?
පිළිතුර - හරිම රසයි, මම පළමු වතාවටයි ලංකාවේ කෑම කෑවේ. දෑන්නම් දිගටම කන්න හිතෙනවා.
ප්‍රශ්නය- මන්ත්‍රිතුමනි, ඉතාලිය අද ආර්ථික වශයෙන් වැටිලා විදෙශිකයින් වගේම ඉතාලි ජාතිකයිනුත් විශාල වශයෙන් රෑකියා විරහිතභාවයෙන් පෙළෙනවා.ඔබ නියෝජනය කරන ඉතාලියේ නව රජයට මෙයින් ගොඩ එන්න පෑහෑදිලි වෑඩපිළිවෙළක් තියෙනවද?
පිළිතුර - ඇත්තෙන්ම ඔව් අපි මෙවට විසදුම් ලබාදෙන්න උපරිම උත්සහා කරනවා.
ආර්ථිකය ගොඩගන්නවා වගෙම රෑකියා උත්පාදනයක් ඈති කරන්න අපි පෑහෑදිලි වෑඩපිළිවෙලක් ගේනවා. කර්මාන්ත කරුවන්ට බදු සහන ලබා දිම තමයි අපේ මුලික අරමුණ. එයින් නව රැකියා අවස්තා වගේම ඉතාලි ආර්ථිකයටත් හොද පිටුවහලක් ලෑබෙයි කියලා අපි හිතනවා. මේ අපේ අරමුණුවලින් එකක් පමණයි.
ප්‍රශ්නය -නියමිත කාලසිමාව අවසන් වන තෙක් ස්ථිර රජයක් පවත්වාගෑනිම තමයි ඉතාලියට ඈති ප්‍රධාන අභියෝගය. කුමක් හෝ හෙතුවක් මත පත්වන රජය ඉතා ඉක්මනින් කඩා වෑටෙනවා. ඔබ නියෝජනය කරන වර්තමාන නව රජයටත් තව කොපමණ කලක් බලයේ ඉන්න පුලුවන් වෙයිද?
පිළිතුර - අපේ කාලසිමාව අවසන් වෙන්න තියෙන්නේ 2018දී.නමුත් බල තුලනයකින් අපේ රජයත් අස්ථාවර වෙන්න ඉඩ තියෙනවා. ඉතාලියට හොද කලදසාවක් උදා වෙන්න නම් එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු.
ප්‍රශ්නය - ඉතාලිය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තුව ඉතා අසාධාරණ ලෙස දුප්පත් රටවල අභයන්තර ප්‍රශ්නවලට ආඟිලි ගහනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ගෑන ඔබ මොකද කියන්නේ?
පිළිතුර - ඇත්තෙන්ම කියනවා නම් රටවල් 25 ක් යුරොපා හවුලේ හිටියත් ඒ හෑම රටකම මතය නොවෙයි එතැන නියොජනය වෙන්නේ. නොයෙක් මත ගෑටුම් තියෙනවා.යුරෝපා හවුලේ ඈති හෑම රටකම හෑම මතයකටම අපි ගරුකළ යුතුයි. ලබන ජුනි මාසෙන් පස්සේ ඉතාලිය තමයි යුරොපා හවුලේ සභාපතිත්වය දරන්නේ.
එතනදි ඉතාලියේ ප්‍රධානම අරමුණ වෙන්නේ හෑම රටක්ම පොදු මතයකට ගෙන ඒමයි. ප්‍රශ්නය - වසර 30කට අධික කාලයක් මිනිස් ජිවිත දස දහස් ගනනක් බිලිගත්තු ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදි යුද්ධය 2009දී අවසන් කරන්න ලංකා රජයට හැකි වුණා. ත්‍රස්තවාදයට යුද්ධයෙන්ම පිලිතුරු දෙමින් ත්‍රස්තවාදය මුලින් උපුටා දමා බොම්බ බිය වෙඩි බිය නෑති සාමකාමි රටක් බවට ලංකාව පත්වෙලා තියෙනවා.
නමුත් ඈමරිකාවත් යුරෝපයත් ඈතුළු ඇතැම් ප්‍රබල රටවල් යුද අපරාධ සිදුවී යැයි කියමින් නොයෙක් චෝදනා එල්ල කරමින් සාමකාමි රට අස්තාවර කරන්න හදනවා කියලා ශ්‍රි ලංකා රජය චෝදනා කරනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ?
පිළිතුර- ඈත්තෙන්ම කණගාටුයි. ජුනි මාසෙන් පස්සේ ඒ වැරදි මතය නිවෑරදි කරන්න අපි උත්සහා කරන්නම්. සාමකාමි රටකට උදව් කිරිම තමයි අපි කළ යුත්තේ.ශ්‍රි ලංකා රජයත් මෙයිට වඩා යුරෝපය සමග ළගින් ඈසුරු කළයුතු බව මම හිතන්නේ.

