කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී හදිසියේම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන්ම විනාශ වී ගියේය.
26 වැනි දින රාත්‍රී 11.30 ට පමණ ගින්න හට ගත් අතර අලුයම 1 පමණ වන තුරු ගින්න පැවතිණි.
ගින්න හට ගන්නා අවස්ථාවේදී බස් රථයේ මගීන් 27 දෙනෙකු සිට ඇත.නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.
රාත්‍රී 9.15 පමණ කොළඹින් ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය අලුයම 5.00 ට යාපනයට ළගා වීමට නියමිතව තිබී ඇත.
ගමන් කරමින් තිබුණු බස් රථයේ ඉදිරිපස ටයරයක් එක්වරම පුපුරා ගිය බවත්,ඒ සමගම ගින්න හට ගත් බවත් ගිනි ගෙන විනාශ වු බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.ඒ සමගම බස් රථයේ සිටි සියළුම මගීන්ව සහ එහි තිබු බඩු බාහිරාදිය ඉවත් කරන්නට බස් රථයේ සේවකයින් කටයුතු කර ඇත.නමුත් හදිසි ගින්නක් ඇති වුවහොත් එය නිවා දමන්නට ගිනි නිවන උපකරණ බස් රථයේ තිබී නැත.
ගින්න අවසන් වනතුරුම එය නිවා දමන්නට කිසිදු ගිනි නිවන රථයක් හෝ ඒකකයක් පැමිණියේ නැත.
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම සිද්ධිය සිදුවීම නිසා එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යවන්නට මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ නිළදාරීන් කටයුතු කළේය.