මොරටු වඩු කාර්මිකයන්ගේ උද්ඝෝෂණයකදී ඇමැති ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියේ වීඩියෝපට දෙකක් මොරටු විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ අංශයට යොමු කරන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.
පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ අට දෙනකුගෙන් කටඋත්තර ගත් බවයි.
දෙසතියකින් අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
ජීවන් කුමාරතුංග මහතා අධිකරණයට පැමණ නොසිටියේය.
නඩුව අගෝස්තු 19ට කල් තැබිණි.