
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65684ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජිවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඔක්තෝබර් මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඔක්තෝබර් මාසයේදී රුපියල් 70,840 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එයද මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම දෙවැනි ස්ථානයට පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිවූ දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 70,476 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එයද මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමකි.
පසුගියදා ඔක්තෝබර් මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අඩුම මුදලක් අවශ්‍ය වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ බවත් එහි ජීවත් වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 62,894 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

