ජීවකයා, මහගේ ඉඩම නොදුන්නැයි ආච්චිට ගහලා


(දිලීප් ජයසේකර)

මහගේ ඉඩමක් නොදුන්නැයි උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිළධාරීන්ට ද බාධා කර සාපරාධී බහත්කාරය පෑ දොස්තර මුණුබුරෙක් තිස්සමහාරාම පොලිසිය විසින් පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ කටයුතු කරන  වෛද්‍යවරයෙකි.

සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කරගනිමින්  සිය 93 හැවිරිදි මිත්තණියට (දොස්තරගේ මවගේ මවට) පහරදී තුවාල සිදුකර තිබේ. එහිදි දොස්තර මුණුබුරාගෙන් පහර කෑ මිත්තණිය  තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව ප්‍රථිකාර සදහා දෙබරවැව මුලික රෝහලට ඇතුලත් වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද ලැමිණිල්ලට අනුව විමර්ෂණ කටයුතු සදහා තිස්සමහාරාම පොලිස් කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයාගේ නිවසට ගොස් තිබේ.

එහිදි අදාල වෛද්‍යවරයා පැමිණිල්ල විමර්ෂණය කිරිමට ගිය පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා තිබේ.

පොලිස් නිළධාරීන්ට දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වැද බළහත්කාරය පෑම හා 93 හැවිරිදි මිත්තණියට පහරදිම යන චෝදනා මත සැකකාර වෛද්‍ය වරයා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.