ජීනීවා වෙසක් මහ ඉහළින්


ස්විට්සර්ලන්තයේ ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය 21වැනි වරටත් සංවිධානය කැරුණු මහා වෙසක් උත්සවය මෙවරත් ජිනීවා විහාර පරිශ්‍රයේදි සිදුවිය. ප්‍රංශයේ බොධිඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඥානධරෝ හිමියන් හා තායිලන්තයේ ක්ෂාන්ති ධම්ම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය වීරපෝන් චත්තියාගෝ හිමියන් ප්‍රධාන 25 නමක් මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සහ එම මහත්මිය ගේ ද තායිලන්ත තානාපති තානි තොන්ග්පක්ඩි මහතා හා එම මහත්මිය ද ආරාධිතයන් වූහ.

ස්විස්, ප්‍රංශ, ශ්‍රීලංකා, තායි,කාම්බෝජ,වියෙට්නාම්, ලාඕස් හා බංගලිදේශ ජාතික බෞද්ධ හා අබෞද්ධ විශාල සැදැහැතියන්ගේ සහභාගීත්වයෙන් සිදුවීම කාගේත් ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් වූ බව පැහැදිළි විය.පුරා දින දෙකක් පැවැති මෙම උත්සවයට කාලගුණයද ආශීර්වාදයක් විය.

ස්විට්සර්ලන්තයේ ප්‍රථම වරට ප්‍රංශ ජාතිකයන් නම දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් කිරීම ද, උන්වහන්සේලාට මහා ප්‍රාතිමොක්ෂ දේශනාව සිදු කිරීම ද, මහා සංඝ ගත දක්ෂිණාවද, පැමිණ සිටි සියළු දෙනාට ආහාරපාන දානයක් ද, ධර්ම දේශනා හා භාවනා වැඩ සටහන් කීපයක් දමෙම උත්සවයට අනුබද්ධිතව සිදුවිය.ආචාර්ය ඥානධර මාහිමි හා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙම මහණ පිංකම සිදුවිය.හල්විටිගල සුජාත හිමියෝ මෙම කටයුතු සංවිධානය කළහ.