මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් (සයිටම්) පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස ඉල්ලා ශිෂ්‍යාවක විසින් ගොනු කැරුණු රිට් පෙත්සමකට මැදිහත්ව පක්ෂ සහ විපක්ෂව කරුණු දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 13ක ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දැමීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ,රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මැදිහත් පාර්ශව ඉල්ලීම් කළේය.
සභාපති විජිත් මලල්ගොඩ හා ප‍්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරු මේ පෙත්සම විභාගයට ගත්හ.
උපාධිය ලැබූ ශිෂ්‍යාවක වන මල්ෂානි සුරවීර ආරච්චි විසින් මෙම පෙත්සම ගොනු කැරිණි.