ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර යුරොපයට අපනයනයට ඉඩ සලසා දෙන බව යුරෝපා සංගමය පොරොන්දු වී යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිමිකා මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මෙම කරුණ අවධාරණය කළේ යැයි නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා කීය.
එමෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට විශාල වශයෙන් පැහැදී ඇතැයි ද ඒ අනුව ලංකාවට ලැබෙන සහන ඉදිරියේදී දෙගුණ කිරීමට එම සංගමය තීන්දු කර ඇතැයි ද පෙරේරා මහතා සඳහන් කළේය.

