ජී.එස්.පී + සහනයට කොළ එළියක්


යුරෝපා සංගම් ජී.එස්.පි.ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් සඳුදා (23) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.

ඔවුන් කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග එම සහනය යළි දීම ගැන සාකච්ඡා කරයි.

පැවති පසුගිය රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ චෝදනාව මත යුරෝපා සංගමය විසින් 2010 වසරේදි මෙරට නිෂ්පාදිත ඇගලුම් ඇතුළු භාණ්ඩ 300කට ලබාදී තිබූ ජී.එස්.පී.ප්ලස් බදු සහනය නතර කරනු ලැබීය.