(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්කළ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට ජී .එල් පීරිස් මහතා පත්කර තිබේ.

