ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරීස් මේ දින වල චීනයේ සංචාරයේ යෙදේ. ඒ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා මඟින් සහයෝගීතා සහභාගීත්වය වර්ධනය කැර ගැනීමත් සංචාරත කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමත් අරමුණ බවයි. ගිය වසරේ චීන සංචාරකයෝ විසිදහසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම ගනණ ලක්ෂයක් දක්වා වැඩි කැර ගැනීම අරමුණයි.

