ජී.ඇල් රනිල් හෙළා දකියි


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දුන් තීන්දුව ගැන අගමැති කරන ප්‍රකාශ මෙරට අධිකරණය බිය ගැන්වීමට තැත් කිරීමක් බවත්, එවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවත් හිටපු විදේශ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

එසේම එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව විනිශ්චයකාරවරුන් දෙදෙනකු විසින් ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි සඳහන් කරමින් අගමැති කරන ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් බව ද ඔහු සඳහන් කරයි.

එම ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිශ්චයකාරවරුන්ගේ සංගමයට  යොමු කරන බවත් අගමැති කළ කතාව සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාමාර්ගයක් බවත්, මේ රටේ අධිකරණය විදේශ අයට බාරදිය නොහැකි බවත් හිටපු විදේශ ඇමැති කියයි.

ඊවා වනසුන්දර හා සරත් ආබෘ විනිසුරුවරු එම පෙත්සම විභාග කළහ. බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත පෙත්සම් විභාගයෙන් ඉවත් විය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළ වනසුන්දර විනිසුරුවරිය 2014 ජූලි හය වැනි දා දේශය පුවත්පතට සමූඛ සාකච්ඡාවක් දුන්නාය.

මේ එම සාකච්ඡාවයි.

http://deshaya.lk/component/content/article/35-epaper/288-20140706

2014