වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ක්‍ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ රංගධරයකු වූ ජී.ආර්. පෙරේරා මහතා අද (1) අභාවප්‍රාප්ත විය.
කලක් අසනීපව සිටි ඔහු මිය යන විට 84 වැනි වියේ පසු විය.
කිරුළපන ප්‍රදේශයේදී 1939 දී උපත ලැබූ ජී.ආර්., රත්තනපිටිය ආනන්ද බෞද්ධ මිශ්‍ර පාසලින් හා කොටහේන කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසුව කලා ක්‍ෂේත්‍රයට පිවිසීයේය.
කලා ක්‍ෂේත්‍රයේ ප්‍රේමරංජිත් තිලකරත්න, ධර්මසිරි වික්‍රමරත්න, වික්‍රම බෝගොඩ ආදී ප්‍රවීණයෝ ඔහුගේ සම කාලීන පාසල් මිතුරෝ වූහ.
ඔහු 1961 වසරේදී සුගතපාල ද සිල්වා මහතාගේ “අපේ කට්ටිය”ට බැඳුණු අතර, එහි ආරම්භක සාමාජිකයෙක් ද විය.
ධර්මසිරි වික්‍රමරත්නගේ “රන් තෝඩු” නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ඔහු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ තිරකතා රචකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ “වැලිකතර” චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දෙනු ලැබීය.
එතැනින් ආරම්භ වූ ඔහුගේ සිනමා ගමනේදී කරුමක්කාරයෝ, විරාගය, සිහින දේශය, පාදඩයා, සත්‍යාදේවි, පාර්ලිමන්ට් ජෝක්, සුදු සෙවණැලි, මදර් තෙරේසා, සූරිය අරණ, රජ්ජුමාලා, සිරි දළදාගමනය, මහරජ අජාසත්, නිදහසේ පියා ඩී.එස්. සේනානායක ආදී චිත්‍රපට 40කට අධික සංඛ්‍යාවක රඟපෑමේ වරම් උදා විය.
ඉදිරියේ තිරගත වීමට නියමිත කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ, සූවිසි විවරණය, සූර්යා වැනි චිත්‍රපටවල ද ඔහු ප්‍රධාන වරිත නිරූපණය කර ඇත.
අචාර්ය තිස්ස අබේසේකරගේ “තුන්කල් සිහිනය” ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට එක් වූ ජී.ආර්., “දූදරුවෝ” ටෙලිනාට්‍යයේ මළකඩ බාස්ගේ චරිතයෙන් ජනප්‍රිය විය.
ඔහු ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.
ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී.ආර්. පෙරේරා මෙරට රූගත කළ ඉන්දියානු චිත්‍රපට ත්‍රිත්වයකට හා ඇමෙරිකානු හා ජර්මානු චිත්‍රපට ද්විත්වයකට ද රංගනයෙන් දායක වී ඇත.
රංගනය වෙනුවෙන්, ඔහු 1980 වසරේදී ආචාර්ය තිස්ස අබේසේකරගේ “කරුමක්කාරයෝ” චිත්‍රපටය සඳහා ජූරියේ සම්මානය ද, 2007 වසරේදී අනුර මාධව ජයසේකරගේ “චක්‍රායුධ” ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානය ද හිමි කරගත්තේය.
ජී.ආර්.ගේ බිරිඳ ෆෝරීඩා රත්නායක මහත්මිය ද ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වූවාය. ඇය නිෂ්පාදනය කළ “සිතක මහිම” ටෙලිනාට්‍යයේ කතාව හා තිර රචනය ජී.ආර්. පෙරේරාගෙනි
ජී.ආර් පෙරේරාගේ බාල දියණිය යමුනා එරන්දතී ද ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ අතර, ඇය තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි ඔහු, කලක් දෙහිවල බරවා මර්දන ව්‍යාපාරයේ කටයුතු කර, පසුව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග මර්දන නිලධාරියා ලෙස සේවය කර විශ්‍රාම ලැබීය.
රජයේ සේවකයකු ලෙස රාජකාරියේ යෙදී සිටියදී කලා කටයුතුවල නිරත වීමට රජයෙන් අවසර ලබාගත් පළමු කලාකරුවා වූයේ ද ඔහුය.
ඔහු දියණියන් දෙදෙනකුගේ සහ පුතකුගේ ආදරණීය පියාණන් විය.
දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රෙස්පෙක්ට්හි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (3) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
(සමන්ත යහම්පත්)
--------------------------------------------------------------------------------------------------
(යොහාන් භාසුර)
ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.
රූපවාහිනියට නැතුවම බැරි රංග ශිල්පියෙක් වූ ඒ මහතා ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් 500 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා තිබේ.

