ජිප් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට


කොළඹ රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ මීන්නාන හැට හයවන කිලෝමීටර් කණුව අසලදි ලොරියක් හා ජිප් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප‍්‍රදේශයේ දෙදෙනෙකි. තුවාලකරුවන් අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් තැනැත්තෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බව අවිස්සාවේල්ල රෝහලේ ප‍්‍රකාශකයෙක් කීය.