ජිප් රියේ ලක්ෂ 15 ක රන්බඩු හොරා අරන්


පයාගල දළුවත්තේ දෙමහල් නිවසක් ඉදිරිපිට නවතා තිබු  සුඛෝපභෝගී ජීප් රියක වීදුරුවක් කඩා එහි ඇතුළු වී  ඉදිරිපස කුටියක  තිබු රුපියල් ලක්ෂ පහළොවක රන් ආභරණද රුපියල් ලක්ෂයක්ද සොරා ගත්  පුද්ගලයා සොයා ගැනීමට පොලීසිය වෙහෙසේ.

ජිප් රියේ ආසනයක් මත වැටී තිබු ඉමිටේෂන් මුද්දක ඉව ඔස්සේ අවන්හලකටද කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි බස් නැවතුම් පොළකටද ගිය හොරණ පොලීසියේ ග්‍රේරෝගේ ඉව  එතැනින් අවසන් විය.

මෙම ජිප්රිය කොස්ගොඩ කුරුඳු ව්‍යාපාරිකයකුගේ බව පොලීසිය පවසයි.