(හර්ෂණ තුෂාර සිල්වා)
පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) පැවැසීය.
ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ සම්පූර්ණ වියදම් සහිත ගිණුම් තවමත් සකසා අවසන් වී නැතැයි ද ගිණුම් සකසා අවසන් කළ පසු ඕනෑම අයකුට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ගිණුම් වාර්තා ලබාගත හැකි යැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීවේය.
කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම කරුණු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා රුසියා සංචාරයට විශේෂ ගුවන් යානාවක් මිලදී ගත්තා. එය නිල සංචාරයක් නෙමෙයි. එම සංචාරයේදී ගුවන් යානයට පමණක් මිලියන 39 ක් වියදම් වුණා. යුක්රේනයට ගියා. එහි වියදම මිලියන 40 ක්. මේවා සම්පූර්ණ වියදම් නෙමෙයි. විදේශ අමාත්‍යාංශයේ සටහන්වලට අනුව 69 දෙනෙක් එම සංචාරයට සහභාගී වී තිබෙනවා‘‘ යයිද සමරවීර මහතා පැවසීය.

