ජිනීවා විරෝධයට ඉතාලියෙන් බස් 40 ක්


2009 යුද්ධය අවසන් භාගයේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කරමින් මානව හිමිකම් කඩ කළැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට විරෝධය පල කිරීම සදහා ඉතාලියේ හා ප්‍රංශයේ විවිධ නගර වලින් බස් රථ 40 කින් එහි යාමට  ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ  සැරසෙති.

මෙහිදී රටට ආදරයක් ඇති පිරිස් එක්ව රට බෙදීමට විරුද්ධතාවය ඵල කරන බවත් සියළු ජාතීන් එක්ව විසිය යුතු බවත් මෙහිදී කියති.

ඇතැම් මාධ්‍ය මගින්මෙම ගමන ගැන ගෙන යන පහත් පෙළේ ප්‍රචාර හෙලා දකින බවත් ඔවුහු පවසති.

මෙම ගමනට එක්වී  ශ්‍රී ලංකාවේ ශක්තිය හා ධෙර්යය පෙන්විමට පෙළගැසෙන්නයි ඉතාලි තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු වූ චන්ද්‍රපාල ලියවගේ මහතාද ඉල්ලීමක් කරයි.

මෙම විරෝධය මාර්තු 15 වෙනිදා පෙරවරු 10.00 යට  ජිනීවා නුවර දී පැවත්වේ.