ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට ලබන සිකුරාදා (15) පෙරවරු 10.00ට පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධය නතර කළ බව ස්විට්සර් ලන්තයේ සංවිධායක එරික් මාකවිටගේ මහතා කියයි.
යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබුණේ බටහිර රටවලින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට විරෝධය පළ කිරීමක් වශයෙනි.
එම විරෝධය නොපවත්වන ලෙස විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කළ බව ද මාකවිටගේ මහතා පවසයි.