ජිනීවා වස් පිංකම


ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම  විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පිංකම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති  බලංගොඩ සොභිත නා හිමි ,ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පැරිස් ජාත්‍යන්තර  බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නා හිමි.ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය පිරිවෙන් අධ්‍යක්ෂ හබරකඩ සෝරත,ගාල්ල, මාතර, හම්බන්තොට දිසා අධිකරණ සංඝ නායක මා හිමි, මාපලගම බුද්ධසිරි නායක හිමි රත්මලාන බොරුපන සාම විහාරාධිපති පුවක්ගහහේනේ වජිරඥාණ මා හිමි, ඇඹිලිපිටිය තුන්කම ගුණානන්දාරාමාධිපති, හබරකඩ පඤ්ඤානන්ද හිමි,

කොළඹ සම්බුද්ධාලොක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි ,

මානම්පිට අමිත හිමි ප්‍රධාන මහා සංඝ රත්නය සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති  රවිනාත ආරියසිංහ මහතා ප්‍රධාන ස්විස්, ප්‍රංශ, ශ්‍රී ලාංකික,තායි,ලාඕස්,කාම්භෝජ, වියට්නාම් හා බංගලිදේශ්  ජාතිකයෝ ද පිංකමට සහභාගී වූහ. 

සිංහල, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන්  ධර්ම දේශනා පැවැත්විණි. 

කඨිනානිසංස ධර්ම දේශනා ව බලංගොඩ සෝභිත නාහිමි හා පරවහැර චන්දරතන නාහිමි විසින් සිදුකරන ලදහ. 

මාපලගම බුද්ධසිරි නායක හිමි ප්‍රධාන සංඝරත්නය ද සෙත් පිරිත් දේශණා කළහ.විහාරවාසී  හල්විටිගල සුජාත හිමියෝ පුණ්‍යානුමෝදනාව කළහ. 

සිරි,මානෙල්,ආසිරිමා අහංගම, පියල්,අජන්තා, කල්‍යාණි, කුමාර, ගීතානි, සන්ධ්‍යා සහ  සරත් ස්ටෙන් පවුල්වල දායකත්වයෙන් මේ පිංකම සිදු විය.