ජිනීවා යෝජනාවට කොටියත් ඈඳයි
කොටි සංවිධානය විසින් සිදු කැරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කරුණු ද ඇතුළත් සංශෝධනයක් සහිතව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවන් ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සැරැසෙතියි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියයි. සංශෝධන සහිත යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා සැසිවාරයේ දී සභාගත කිරීමට යයි. ඡන්ද විමැසීම 23 වැනි දා සිදුකිරීමට නියමිතය.

