ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව අදහස් විමසීම සඳහා පත් කරන ලද උපදේශක කාර්ය සාධක බළකාය ලබන සිකුරාදා සිට සිය කටයුතු අරඹමින් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව එම කමිටුම කියයි.
එහිදී අදාළ කමිටුව විසින් එම යෝජනාව පිළිබඳ ජනතාවගෙන් අදහස් විමසීමට නියමිතය.
ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව පිළිබඳ මෙරට සියලු පාර්ශවයන්ගේ අදහස් වීමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුත් උපදේශක කාර්යය සාධක බලකායක් පත් කරනු ලැබුවේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටය.
මෙම උපදේශන කාර්යය සාධක බලකායේ සභාපතිනිය ලෙස නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම පත් කර ඇති අතර එහි ලේකම්වරයා ලෙස පාක්‍යසෝති සර්වනමුත්තු පත්කර තිබේ.
සෙසු සාමාජිකයින් ලෙස ගාමිණි වියන්ගොඩ, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම් ඇතුළු පිරිසක් පත් කර ඇති බව වාර්තා වේ.
මෙම කාර්යය සාධක බලකායේ ක්‍රියාකාරි සැලැස්ම අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වන අතර එය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

