ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව මෘදු, මොළොක් මෙන්ම භයානකයැයි මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.
ඇමෙරිකාවෙන් ඉදිරිපත් කර සම්මතකරගත් යෝජනාවෙන් 2015 වනතුරු තර්ජනයක් නැතැයි ද, විශේෂ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතුයැයි කියන වගන්තිය භයානයයැයි ද ඔහු කියයි.
කතා කිරීමේ නිදහස, අධිකරණයේ නිදහස, විනිසුරුවරුන්ගේ හා නීතීඥවරයන්ගේ ස්වාධීනත්වය, පැහැරගැනීම්, අතුරුදන්වූවන්ගේ, කාන්වන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයනට සහයෝගය දැක්විය යුතුයැයි එම වගන්තිවලින් කියැවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී එම කාරණය ක්‍රියා කර ඇත්තේ රටක පරමාධිපත්‍යය හා සමානාත්මතාවය යන සංකල්පවලට බවත්, පරමාධිපත්‍ය හිමි රටකට බලපෑම් කිරීමට කිසිවකුට බලයක් නැති බවත්, ඒ අර්ථයෙන් ගත් විය එය ශ්‍රී ලංකාවට ලොකු තර්ජනයක් බවත්, ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික නිරීක්ෂකයන් එවීම බවත් ආචාර්ය මහානාමහේවා මහතා කියයි.