මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට ලක් රජයට කාල දීර්ඝයක් ලබා දීම යනු යුද අපරාධ සිදුකරන සෙසු රටවල්වලටද උදාහරණයක් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
මෙනිසා ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජය වෙත ලබා දී තිබූ කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසද දෙමළ ජාතික සන්ධානය මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
මේ සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශිවෂක්ති ආනන්දන්, කවින්දන් කෝඩීස්වරන්, සින්නතම්බි යෝගේෂ්වරන්, චාල්ස් නිර්මලනාදන්,සිවඥානම් ශ්‍රීධරන්,එස්.වියාලේන්ද්‍රන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනා අත්සන් තබා ඇති අතර එම සන්ධානයේ නායක ආර් සම්බන්දන් ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනෙකු මෙම ලිපිය සදහා අත්සන් තබා නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අද (27) ආරම්භ විය. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ලබා දුන් කාලය මාර්තා මාසයෙන් අවසන් වීමට නියමිතය.

