ශ්‍රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නිසා ජිනීවා යෝජනාවලිය ලංකාව පරාජය වූ බව හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ තංගල්ලේදී පැවසූහ.
‘විදේශ සේවාවේ ඇතැමුන් මෙරට තොරතුරු හරියට දන්නේ නැහැ. දන්න තොරතුරු ලෝකයාට දෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කරතියි ඇමෙරිකාව ඇතුළු රටවලින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූයේ අපේ විදේශ සේවයේ දුර්වලකම් නිසායි.‘