ජිනීවා නුවරත් එරබදු මල් පිපේ


ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය මෙවර එරබදු මංගල්‍යය නමින් පැවැත්විණි. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙහිදී සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද ගැමි සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික රංගන රැසක් ද පැවැත්විණි.