ජිනීවා ගැටලුවට හේතුව කිරිඇල්ල දකී


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනා ගෙන එන්නේ බෞද්ධ ප්‍රතිපත්ති අනුව රට පාලනය නොකිරීම නිසා බව මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කළේ සියලු ආගම්වලට ගෞරව කරන ලෙස බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇතත් අද සමහරුන් බුදු දහමට පිටින් යමින් රටේ ජාතිවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි.