ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2 වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ කියති.
දස නමක් මහා සංඝරත්නය මේ පිංකමට වැඩම කිරීමට නියමිතය පිංකම උදෑසන 10 ට මහා පිරිත් දේශනයකින් ආරම්භ කෙරේ. උදේ 11 ට සම්මා සම්බුද්ධ පුජාවත් ඉන් අනතුරුව කඨින සංඝගත දක්ෂිණාව පිරිනැමේ.
කඨින චීවර පුජාව සහ අතිරේක පිරිකර පුජාව දහවල් 1.30 ආරම්භ කෙරෙනු ඇත. කඨිනානිසංස ධර්මදේශනාව සහ පුණ්‍යානුමෝදනාව පැවැත්වීමෙන් පසුව පිංකමේ කටයුතු නිමාවට පත්වනු ඇත.

