ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී බටහිර බලවතුන් විසින් ශ්‍රි ලංකාවට ඵරෙහිව ගෙනෙනු ලබන යෝජනාවලට විරුද්ධත්වය පළ කිරිම සදහා 15 වැනිදා උදෑසන 10ට ජිනිවා නුවර ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදී යුරෝපයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
යුද්ධය අතරතුර ශ්‍රි ලංකා රජයේ හමුදා දෙමළ වැසියන් දහස් ගණනින් ඝාතනය කළ බවටත් ජාත්‍යන්තර යුද නීතී අමු අමුවෙ උල්ලංඝනය කළ බවටත් පවසමින් මේ වන විට යුරෝපයේ වෙසෙන කොටි හිතවාදිහු රාජ්‍ය නොවන සංවිධානවල උදව් උපකාර ඇතිව නොයෙක් නගරවල සම්මණ්ත්‍රණ පවත්වති.
ශ්‍රි ලංකා රජයට විරුද්ධව ගෙනෙන යෝජනා වලට පක‍්ෂව ඡන්දය දෙන මෙන් යුරෝපා රටවලින් දෙමළ කොටී හිතවාදී හු ඉල්ලා සිටිති.
පෙර වසරවලදී රට වෙනුවෙන් පෙරමුණගත් විදෙස් ශ්‍රි ලාංකිකයන් මෙවරද එක්සත්ව, එක්සිත්ව ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යාන්තර කුමන්ත්‍රණය පරදවා ශ්‍රී ලංකාවේ බලය හා ශක්තිය පෙන්වීමට ඉදිරිපත් වන්නැයි ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ හිටපු උපදේශක චන්ද්‍රපාල ලියනගේ මහතා ඉල්ලයි.