ජිනිවා උත්තර බැඳිල්ල බිනර මහේ


අතුරුදන් වූවන් සම්බන්ධයෙන්වූ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් ඉකුත්  යුද ගැටුම් පැවති අවදියේදී මෙරටදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැව් තානාපති ආරංචි මාර්ග පවසයි.

එම විශේෂ වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මස දී රැස් වෙන තිස්තුන් වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් මේවන මෙරට අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන ගැටළු 12341 ක් හඳුනා ගෙන ඇති අතර ඉන් සිද්ධී 6590 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් රජය විසඳුම් ලබා දී තිබේ.