ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නන්දික පෙරේරා මහතා පැවසීය.
මේ යටතේ භූතානය සහ ෆීජී දූපත් සඳහා දැනටමත් තම සේවා සපයන බවත් ඔහු කියයි. එම රටවල රජයන්ගේ පූර්ණ අනුමැතිය මේ සඳහා ලබාදී ඇත.
දරුවන්ගේ පීතෘ භාවය තහවුරු කරදීමේ පර්යේෂණ, සමූහ ස්ත්‍රී දුෂණයක් සහ රිය අනතුරකින් තුවාල ලැබූවකු සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ මේවන විට සිදු කර දී ඇත. මේ යටතේ භූතානය යොමු කළ ජෛවී සාම්පලවලට අයත් පරීක්ෂණ හැට හතරක ප්‍රතිඵල සහ ෆිජී දූපත යොමුකළ සාම්පලවලට අයත් පරීක්ෂණ විසිහතරක ප්‍රතිඵල දැනටමත් නිකුත් කර හමාරය.
භූතානය ජෛවී සාම්පල යොමු කරන්නේ එරට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මඟිනි. ෆිජී දූපත්වල අධිකරණය මඟින් සාම්පල යොමු කැරෙයි.

