ජැකීට ක්‍රියාදාම චිත්‍රපටයක් ලැබිලා


බොලිවුඩයේ මුදල් උපයා ගැනීම අතින් අතිසාර්ථක වූ "බැන්ග් බැන්ග්" චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය සඳහා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රූප රාජිනියක වූ ජැකලින් ෆර්නැන්ඩෙස්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඇය සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට දායක වී ඇත්තේ නව පරපුරේ ජනප්‍රිය සිනමා නළුවෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රාය. මෙහි රූපගත කිරීම් කටයුතු තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, මියාමි හා මැලේසියාවේදී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදුකිරීමට සූදානම් කර ඇති බවටද තොරතුරු ලැබෙනවා.

රාජ් නදිමෝරු හා කිශ්ණන් ඩී.කේ. දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය 2017 වසරේදී තිරගත වීමට නියමිතයි. ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වන "හවුස්පුල්" තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන "බැන්ග් බැන්ග්" චිත්‍රපටය ජැකලින් රංගනයෙන් දායක වන දෙවැනි ක්‍රියාදාම චිත්‍රපටය වේ. ඇයගේ පළමු ක්‍රියාදාම චිත්‍රපටය වුයේ "රේස්" දෙවැනි චිත්‍රපටයයි.