ජැක්සන්ගේ 'මාලිගාව' ජැක්සන්ම කඩයි


සීගිරි කාශ්‍යප කතාව රූගත කිරීම සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ඉදිකළ පසුතල ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට යයි. නිෂ්පාදන කණ්ඩායම මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා සහ දේශපාලන නියෝජිතයන් හමුවේ ජැක්සන් ඇන්තනී මේ බව කීවේය.

“සීගිරි කාශ්‍යප” කතාවේ කාශ්‍යප රජුගේ මාළිගය පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මලූවේ පසුතළ නිර්මාණ සැකසීම මීට දින කිහිපයකට උඩදී ආරම්භ අරඹා තිබිණි.

සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානය පසුබිම් කරගෙන චිත‍්‍රපටියක් රූගත කිරිමට අවසර ගෙන නැති බවයි.

සමන් දේවාලයේ පහළ මළුවට ඇතුලූවන ස්ථානයේ වාහල්කඩ වැසෙන ආකාරයේ වෙනත් පසුතල නිර්මාණ කර තිබුණා. ඒවාගේ දේවල් වලින් මහ සමන් දේවාලයේ අභිමානය නැතිවන බව ජනතාවගේ අදහස වුණා. පස්සේ සාකච්ඡා වලදී පසුතල ඉදිකිරිම් ඉවත් කරගන්න ඒ අය කැමැතිවූනා. අවශ්‍යනම් ගඟ පැත්තෙන් අවශ්‍ය රූගත කිරිම් කරගන්නවාට විරෝධයක් නැතිබවත් දැනුම් දුන්නා. කිසිම ගැටුමකින් මත භේදයකින් තොරව සාමයෙන් එකඟත්වයෙන් ප‍්‍රශ්නය විසදුනා. මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග  පැවසුවේ ය.

20160222-010 20160222-011 20160222-015 20160222-016 20160222-019 20160222-020